පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අපොස උසස්පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව හෙට (27), 28, 29 යන දින තුන විභාගය නොපැවැත්වෙනු ඇති. එම විෂයන්වලට අදාළ විභාග දෙසැම්බර් මස 21,22,23 යන දින තුනේ පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
තාවකාලිකව අත්හිටවූ විභාගය 30 වැනි දා සිට සුපුරුදු පරිදි ඇරඹීමටද තීරණය කර තිබෙනවා.