Sun. Apr 27th, 2025

මතීෂ පතිරණගේ ක්‍රිකට් පියා

May5,2024

ක්‍රිකට් ක්‍රීඩාවේ තම පියා ලෙස මහෙන්ද‍්‍ර සිං දෝනි සලකන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ සඳහන් කරයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රමුඛ පෙළ තරගාවලිය අතරතුර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ කුඩා උපදෙස් පවා තමන්ට විශාල විශ්වාසයක් ධෛර්යයක් ලබා දෙන බවයි.

තම පියාට පසුව තම ක්‍රිකට් ජීවිතයේ පියා ලෙස තමන් සලකන්නේ දෝනි බවද ඔහු කියා සිටී.

දෝනි සෑම විටම තමන් ගැන සැලකිලිමත් වන බවත් තමන් කළ යුතු දේ පිළිබඳව සුළු උපදෙස් කිහිපයක් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *