ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපේක්ෂකයෙක් වන එරංග ගුණසේකර රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් තමා සහල් කිලෝවක වර්තමාන මිල නොදන්නා බව සඳහන් කරනු ලැබුවා.
එසේ ම තම නිවසේ දිනක සහල් පරිභෝජනය සම්බන්ධයෙන්ද අදහසක් නැති බවයි ඔහු කියා සිටියේ.
තමා පූර්ණකාලීන දේශපාලනයේ යෙදෙන බැවින් එම තොරතුරු ගැන අවබෝධයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේද ප්‍රබලයා වන එරංග පවසා සිටීම වැඩසටහනේදීම හාස්‍යයට ලක් වුණා.
ජනදුක ගැන කතා කරමින් ජනතාවාදී රජයක් පිහිටුවීමට යෝජනා කරන පිරිස් දුප්පත් මිනිසාගේ හාල් කිලෝවේ මිල නොදැන කරන පූර්ණකාලීන දේශපාලනය කුමක්දැයි ජනතාව ප්‍රශ්න කරනවා.