Sat. Jun 28th, 2025

උඩු මහලෙන් වැටී මියගිය සරසවි සිසුවා ගැන තවත් අනාවරණයක්

Oct23,2024 #accident #alcohol #police #students

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු  අද (23) අළුයම් කාලයේදී උඩු මහලේ සිට බිමට වැටී  කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මෙම සිසුවා මිය ගොස් ඇත්තේ.

මියගිය සිසුවා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, විශ්වවිද්‍යාලය තුළ සිට එලෙස මත්පැන් පානය කර ඇති බවයි.

ඊයේ රාත්‍රියේ සිසුවෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පවත්වා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අනතුරුව සියලුදෙනා නේවාසිකාගාරයට ගොස් ඇති අතර එහිදී මත්බවින් සිටි සිසුවා සී.ඩබ්.ඩබ්.කන්නංගර නේවාසිකාගාරයේ සිව්වන මහළේ ඔහුගේ කාමරය වෙත ඇරලවා අනෙක් මිතුරන් එම ස්ථානයෙන් ගොස් තිබෙනවා.

ඒ අනුව අධික ලෙස මත්පැන් පානය කර සිටීම හේතුවෙන් අදාළ සිසුවා නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇඳ වැටී මියයන්නට ඇතැයි පොලීසිය සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සිදුවීම වූ කාමරය මහෙස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවත්, රජයේ රස පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් මේ වනවිට අදාළ ස්ථානයට කැඳවා ඇති බවත් නිහාල් තල්දූව මහතා පවසනවා.

නේවාසිකාගාරයේ සිව් වන මහළින් ඇඳ වැටී එලෙස මියගොස් ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමණාකරන අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යන අංශයේ, සිව්වන වසරේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නොහොත් සැන්ඩා යන අනුවර්ත නාමයෙන් සරසවිය තුළ හඳුන්වනු ලබන සිසුවෙක්.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර මෙම සිසුවා උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යනය සඳහා උපකාර පංති පවත්වමින් ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *