ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්ත ව්‍යාපෘතිය ”විශේෂිත ව්‍යාපෘතියක්” වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කළ යෝජනාව අනුව එම අනුමැතිය හිමි වුණා.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහළු පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර එම අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය සහිත බහළු පර්යන්තයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට 2021.02.01 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබුණි.
ඒ අනුව දැනට පවතින තත්ත්වයන් සළකා බලා එය විශේෂිත ව්‍යාපෘතියක් ලෙස පත් කිරීමටයි වත්මන් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.