Sat. Jun 28th, 2025

සීලරතන හිමිගෙනුත් ගම්මන්පිලට දෝස්මුරයක්

පාස්කු විමර්ශන වාර්තා ළඟ තබාගෙන උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා රංගනයක යෙදෙමින් සිටින අතර එය සාර්ථක ද? අසාර්ථක ද? යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇතැයි ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

සීලරතන හිමියන් මේ බව සඳහන් කළේ උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද පාස්කු විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමේ සිද්ධිය පිළිබඳව ඊයේ (22) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

මෙවැනි පුද්ගලයින් යළි පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැව්වහොත් මහා විනාශයක් සිදුවන බව ද උන්වහන්සේ පැවසුවා.

“අත්තෙන් අත්තට පනින අයට පිස්සු හැදිලා. පාස්කු. පාස්කු. හැමෝම මේ ගැන කෑගහනවා. මේ නිසා ඒ මිනිසුන්ට නිවන් යන්න පුලුවන් වෙයිද? දැන් ගම්මන්පිල කියනවා එයා ගාව අවශ්‍ය ලේඛන තියෙනවලු. ඇයි හත්වලාමේ රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ මේවා කියන්න එපැයි. ඒ කාලේ මේ ලේඛන දුන්නේ නැද්ද? ඔය අය ආයේ පාර්ලිමේන්තුට ගියොත් විනාශයක් වෙන්නේ. ගම්මන්පිලට කියනවා මාරාන්තික උපවාසයක් කරන්න කියලා. ගම්මන්පිල කරන්නේ රංගනයක්. මේ රංගනය පිටිපස්සේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. මෙහෙයවන කණ්ඩායමක් අනිවාර්යෙන් ඉන්නවා. අපි බලමු රංගනය සාර්ථක ද නැද්ද කියලා. අසාර්ථක වුණොත් ගල් ගහවි.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *