Sat. Jun 28th, 2025

“ගම්මන්පිල රඟපානවා” කාදිනල් හිමි කියයි

නිරහංකාර සරල ගති ඇති ගැමි පුද්ගලයෙකු වශයෙන් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, පාස්කු ඉදිරි ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදු කරාවි යැයි විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල විසින් නිකුත් කල වාර්තාව පිළිබඳ අද (22) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අදහස් පල කරමින්.

උන්වහන්සේ කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණයක් අවශ්‍ය බවත් එයට පක්ෂයවත් පුද්ගලයාවත් වැදගත් නැති බවයි.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කර දෙන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් කාලයේ වැලිකතාවේ මෙහි සත්‍ය සගවන්නට ඉඩ නොදෙන බව ඔහු පොරොන්දු වූ බවත් හිමිපාණන් වැඩි දුරටත් ප්‍රකාශ කළා.

එම පොරොන්දු ඉටු කරවී යැයි අප විශ්වාස කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.

උදය ගම්මන්පිල විසින් රගපෑමන් සිදු කර ඇති බවත් ඔහු ගැන කනගාටුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.

තමන්ට අමතර ආරකෂාවක් අවශ්‍ය නොවන බවත් තමන්ගේ ආරක්ෂාව උඩ සිටින අය විසින් සිදු කරන බවත් ඒ නිසා තමන් ඉතා සාමාන්‍ය ජිවිතයක් ගත කර අය බව උන්වහන්සේ කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *