Sat. Jun 28th, 2025

ශිෂ්‍යත්ව විභාගයට තවත් පෙත්සමක්

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමේ අවශ්‍යතාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබුණු අතර අදාළ මතභේදාත්මක ප්‍රශ්න 03 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කළ බවද ඔහු කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *