Sat. Jun 28th, 2025

ගම්මපිලගේ චෝදනා කතෝලික සභාව ප්‍රතික්ෂේප කරයි

හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඊයේ අනාවරණ කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කමිටු වාර්තාවේ රජයේ නිලධාරීන් දෙදෙනෙකුට එල්ල වී ඇති චෝදනා කතෝලික සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ගම්මන්පිල ඊයේ සිදුකළ හෙළිදරව් කිරීම් සහ කාදිනල් රංජිත් හිමිපාණන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අද නිල ප්‍රකාශයක් කරමින් සභාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

“අපි අද නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර ජනාධිපති වාර්තාව සහ කාදිනල්තුමාට එරෙහිව ගම්මන්පිල මහතා විසින් කර ඇති චෝදනා පිළිබඳව අපගේ ස්ථාවරය හෙළිකරනවා.” යැයි කොළඹ සන්නිවේදන අධ්‍යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත.

කෙසේවෙතත් කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරුතුමන් පසුගිය ඉරිදා දේශනයකදී රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළා.

“ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ වැඩිදුර සොයාබැලීමට කමිටුවක් පත්කළා. මේ කමිටුව සූක්ෂ්ම ලෙස වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් දෙදෙනෙක් ඊට ඇතුළත් කළා. මෙය කර ඇත්තේ කරුණු විකෘති කිරීමක්. දීර්ඝ කාලයක් නිහඬව සිටි ඇතැම් පිරිස් එක්වරම පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතා කරන්න පටන් අරන්. ඔවුන් එක රැයකින් වීරයන් වෙලා තියෙනවා. මේක අපි බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි.” යනුවෙන් කාදිනල්තුමා හපුගොඩ දේවස්ථානයක ඉරිදා දේශනාවක් අතරතුර පැවැසූහ.

“මුස්ලිම් අන්තවාදීන් හත්දෙනාට පතොරම් සැපයුවේ කවුද සහ පුපුරන ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳව ඔවුන්ට පුහුණුව ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයාබලන තුරු අපි පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කතාකිරීම නතර කරන්නේ නැහැ. පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරියේ මන්දැයි සොයා බලන තුරු අප විවේක ගන්නේ නැහැ.” යැයි උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය අතර බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් පවා සිටි බව උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *