පසුගිය අරගල සමයේ නීතිවිරෝධී ජනරාශියක් සිදු කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හැමි ඇතුළු සැකකරුවන් 18කට අදාළ පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ලබන වසරේ පෙබරවාරි 10 වැනි දින පැමිණිල්ල කැඳවීමට අධිකරණය නියම කරනු ලැබුවා.