හක්මන ප්‍රදේශයේ ජනමාධ්‍යවේදියකුට පහරදුන් පුද්ගලයකු සොයා හක්මන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන 57 හැවිරිදි ජී.වයි. ආරියසේනට බව පොලිසිය පවසනවා.
ලංකාදීප පුවත්පතේ පළ වූ පුවතකට අදාළව මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.