Sat. Jun 28th, 2025

පාස්කු දින ප්‍රහාරය ගැන අමුතු කැක්කුමක් ආපු අය කවුද? කාදිනල් කියයි

Oct21,2024

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම සඳහා මේ රටේ නායකයා තමන්ට පොරොන්දුවක්දී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා.

මේ ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පැවසු උන්වහන්සේ ඒ ගැන තමන් දෑස් විවෘත කරමින් බලා සිටින බවත් රටේ නායකයා දුන් පොරොන්දුව ඉටු කරනු ඇති බවත් පැවසුවා.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් මෙසේ පැවසුවා.

“මෙච්චර කල් නිහඬව ඉඳලා අපි කරන කිසි දෙයක් විමසන්නේ නැතිව හිටපු මේ අය පාර්ලිමේන්තුවේ ඉඳලා වචනයක්වත් කතා කරන්නේ නැතුව අපේ වැඩට බාධා කරමින් සිටි අය. දැන් අමුතු කැක්කුමකින් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කෙමිෂන් සභාවල වාර්තා කෝ ඒවා කොහේද තියෙන්නේ කියා කියමින් වාර්තා කෝ කියමින් විමසනවා. පාස්කු දින ප්‍රහාරයේ අලුත්ම වීරයෝ පිරිසක් බිහි වී තිබෙනවා. ඒ අය වැඩක් නැහැ. පසුගිය රජය විසින් පත් කළ කමිටු දෙකක් තිබෙනවා. ඒ වාර්තා කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළවෙනි වාර්තාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශමයි. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම ලියන්න කොමිටියක් පත් කරන්න ඕනද. හැබැයි එතන තව පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අතරට දැන් රජය පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙක්ට නීතිමය කටයුතු කරන්න කියලා කොමිටියෙන් යෝජනා කළා. ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද, ආණ්ඩුවම යි. ආණ්ඩුවට ඕන ඔන විදියට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න අපි සූදානම් නැහැ. ඒවා පිළිගන්න අපි සූදානම් නැහැ. අපිට ඕනේ මේකේ ඇත්ත කවුද?. ඇත්තටම මොකක්ද වුනේ කියා විමර්ශනය කිරීම පමණයි. මේ රටේ නායකයා අපිට පොරොන්දුවක්දීලා තිබෙනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරයි. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරයි කියන විශ්වාසයෙන්.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *