Sat. Jun 28th, 2025

ගිනිඅවි කම්හලක් පැවැත්වූ අයෙකු අත්අඩංගුවට

සුරියවැව, වැවේගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දිනයේ මෙම වැටලීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.

එහිදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ හමු වු බව පොලීසිය පවසනවා.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.‍

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *