Sat. Jun 28th, 2025

රත්තරන්ගේ බෑණාගේ නිවසින් සැප රිය දෙකක් මතු වෙයි

හිටපු වරාය අමාත්‍යවරයකු වන රෝහිත අබේගුණවර්ධනගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අනිවත්තේ පිහිටි එම නිවසේ ගරාජය පරීක්ෂා කිරීමේදී එම රථ දෙක රහසිගත ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණා .

මෙම මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් රථ දෙක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර මහයියාව ප්‍රදේශයේ රථවාහන අලෙවිසලක් ද පවත්වාගෙන යන ඔහු රෝහිත අබේගුණවර්ධන මහතා වරාය අමාත්‍ය ධුරය දරන සමයේදී වරාය අධිකාරිය ඉහළ නිලයක් ද දරා තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම මෝටර් රථ දෙක නීතියානුකූල නොවන ආකාරයට වරායෙන් පිටකළ මෝටර් රථ දෙකක් බවට පොලිසිය සැක කරන අතර එම මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *