මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසුවා.
වජිර අබේවර්ධන මේ බව පැවසූයේ ජාතික පක්ෂ විශේෂ බල මණ්ඩල රැස්වීමේදී.
යම්කිසි හෙයකින් නැවත රට වැටුණොත් කලින් කළා සේ පලපුරුදු කණ්ඩායම සමඟ එකතු වී ජනතාව බලාගන්නා බව ද හෙතෙම සඳහන් කළා.
රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙලේ එක අකුරක් හෝ වෙනස් කළොත් නැවත රට කඩා වැටෙන බව කී එජාප සභාපතිවරයා මෙවර ජනාධිපතිවරණයෙන් පැරදුණේ සමස්ත ශ්රී ලාංකික මහජනතාව බව පැවසුවා.