උපකාරක පන්ති යන බව පවසා නිවෙසින් පිටව ගිය 17 හැවිරිදි සිසුවියකගේ මළසිරුර මහියංගණය ලොග්ගල් ඔයේ තිබී හමුවී ඇති බව අද (21) වාර්තා වුණා.
ඇය සමඟ පිටත්ව ගිය ඇගේම පාසැලේ පන්තියේ මිතුරිය ඊයේ රාත්රියේ දී පාරේ ගිය යතුරුපැදියකට අත දමා නවතා ඇති අතර ඇයව ආඳාඋල්පත මාර්ගබාධකයේ නිලධාරීන්ට මෙම යතුරුපැදිකරු විසින් බාර දී තිබෙනවා.
මොවුන් පිටව ගොස් ඇත්තේ බදුල්ල ප්රදේශයේ උපකාරක පන්තියකට සහභාගි වන බව පවසමිනුයි. 20 දිනයේ සිට මෙසේ ඔවුන් නිවෙසට නොපැමිණි බවට පොලිස් පැමිණිල්ලක් මව්පියන් විසින් බදුල්ල පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.