Wed. Apr 30th, 2025

“ගම්මන්පිලට කෝමා” ජනපතිගෙන් සැර කතාවක්

උදය ගම්මන්පිල උත්සාහ කරනුයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් සැඟවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවා.

ඊයේ කටුනායකදී පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ පාරකු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන්ගේ කුලී කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල ඉටුකරමින් සිටින බවයි.

තමන්ට එම අපරාධයට සම්බන්ධ කිසිවකුත් සැඟවීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් උත්සාහ කරන්නෙ මේ වන විට සිදුකෙරෙන සැබෑ විමර්ශන අවුල් කිරීමට බව ද පෙන්වා දුන්නා.

ජාතික ජන බලවේගය කවුරුවත් පෙරළන බාල්දිවලට යටවෙන්නේ නැති බවත් බාල්දි පෙරළන්න ඉඩදෙන්නෙ නැති බවත් වසර පහක් තිස්සේ කෝමා තත්වයෙන් සිටි පුද්ගලයන් දැන් අවදිවී ඇති බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *