කුප්‍රකට සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා 2022 ඔක්තෝබර් 13 දක්වා ජනාධිපති ලේකම්වරුන්ගේ පෞද්ගලික ජංගම දුරකථන සහ නිල ස්ථාවර දුරකථන අංක භාරදෙන ලෙස රහස් පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය ඉල්ලා තිබෙනවා.
ඒ අනුව එම ජංගම දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇත්තේ එම දෙපාර්තමේන්තුව තවත් සාක්ෂි රැස්කරමින් සිදුවී ඇතැයි කියන වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන්ගේ භූමිකාවන් පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන බැවින්.
මහා පරිමාණ සීනි බදු වංචාව සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල 2022 ජූලි 21 වන දින ඉදිරිපත් කළ අතර එය මූලික පරීක්ෂණ ආරම්භ කළා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව පාලනය යටතේ දෙවැනි පැමිණිල්ල ඉදිරිපත් කළේ ඔක්තෝබර් 9 වැනිදායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින ඉහළ පෙළේ නිලධාරියකු ‘ද සන්ඩේ මෝනිං’ කළ විමසීමකදී පවසා ඇත්තේ පරීක්ෂණ කාලයක් තිස්සේ පැවැත්වුණත් සමහර කොටස් අත්හිටුවා ඇති බවයි.
කෙසේවෙතත් මෙම නව පැමිණිල්ලෙන් පසු පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඔහු පවසා තිබුණා.
“බදු සංශෝධනයට වගකිව යුතු නිලධාරියාට අදාළ සැපයුම්කරුගෙන් කිසියම් ප්‍රතිලාභයක් ලැබී තිබේද යන්න අප විමර්ශනය කළ යුතුයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝබර් 13 දක්වා හිටපු ජනාධිපති ලේකම්වරුන්ගේ ජංගම දුරකථන පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා සිටියේ ඒ නිසයි.” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.