හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ තොරතුරු පිළිබඳව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව එළැඹෙන 21 වෙනි සඳුදා නැවත භාරදීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සඳහන් කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ සමස්ත නිවේදනය පහතින්.
