Sat. Jun 28th, 2025

විශ්‍රාමික යුදහමුදා සෙබළාට කෝප්‍රල්ගෙන් පිහි පහරක්

Jun3,2024

බකමුණ සිරිකදුරුයාය ගම්මානයේ යුදහමුදා කෝප්‍රල්වරයෙකුගේ බිරිඳ සමග අනියම් සම්බන්දයක් පැවත්වූ විශ්‍රාමික යුදහමුදා සෙබළෙකු පිහි පහරකින් තුවාල ලබා දඹුල්ල රෝහලට අතුළත් කර ඇති බව බකමුණ පොලිසිය කියයි.

තුවාල ලැබූ පුද්ගලයා යුදහමුදා කෝප්‍රල් වරයාගේ නිවසේ රාත්‍රි කාලයේ රැඳී සිටින අවස්ථාවේ නිවස අසල සැඟවී සිටි කෝප්‍රල්වරයා විශ්‍රාමික යුදහමුදා සෙබළාට පිහියකින් පහරදී තිබේ.

මෙම ගැටුම් සිදුවූ අවස්ථාවේ නිවසේ සිටි කෝප්‍රල්වරයාගේ බිරිඳ රාත්‍රි කාලයේදීම නිවසින් එළියට පැන පලාගොස් ඇති බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් කෝප්‍රල්වරයාව බකමුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *