තමාගේ නම රත්නපුර දිස්ත්රික් නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත්ව ඇත්තේ සන්නිවේදන ප්රශ්නයක් නිසාවෙන් නම් තමාට සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් ලබා දෙන්නැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඉල්ලා සිටිනවා.
සන්නිවේදන ප්රශ්නයක් නිසා නාම යෝජනා ප්රතික්ෂේප වූයේ පක්ෂයේ කටයුතු සිදු කරන්නේ බිහිරන් නිසාදැයි ඇය තවදුරටත් ප්රශ්න කරනවා. දමිතා කියා සිටින්නේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් ඉවත්වී තමාට එම අවස්ථාව ලබා දෙන ලෙසයි.