මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීම් කටයුතු මහාභාණ්ඩාගාරයෙන් මුදල් අනුමත වූ වහාම අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසනවා.
ඒ සඳහා රු. මිලියන 7500ක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බැව් පැවසෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩවලින් 36%ක් අවසන්ව තිබෙනවා. මෙම කොටසේ වැඩ අවසන් වූ පසු කුරූණෑගල සිට මත්තලටත් – කුරුණෑගල සිට කටුනායකටත් අධිවේගී මාර්ගය සම්බන්ධ වෙනවා.