Thu. Jun 26th, 2025

හිටපු ජනපතිවරු නඩත්තුවට ගිය වියදම් හෙළි වෙයි!

Oct18,2024 #2024 #news #slpolitics

හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනපති බිරිඳක් වන හේමා ප්‍රේමදාස යන අය නඩත්තුව සඳහා රජය විසින් පසුගිය වසර තුනේදී පමණක් රුපියල් කෝටි 27ක් වැය කර ඇති බව මහබැංකු වාර්තාවල සඳහන් වෙනවා.

මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වසරේදී පමණක් රු. කෝටි 7ක් වැය කර ඇති අතර 2023 වසර සඳහා එම ප්‍රමාණය රුපියල් කෝටි 11ක් ලෙසද සඳහන්.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් සහ දීමනා නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර තිබෙනවා.

එහිදී මෙම අවශ්‍යතාවන් ගැන ලිඛිතව කරුණු දක්වන ලෙස කමිටුව විසින් හිටපු ජනපතිවරුන්ගෙන් ඉල්ලා ඇතැයි සඳහන්.

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පණත අනුව එම අයට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් සහ ඉන්ධන, පෞද්ගලික ලේකම්වරයෙකු සඳහා වේතනයක් පමණයි.

එහෙත් පසුගිය සමයන්වලදී හිටපු ජනපති වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්, විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවා ඇතැයි කියැවෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *