Sat. Jun 28th, 2025

බගවන්තලාවේ සැක කටයුතු මරණයක්

Oct17,2024 #dead body #death #health #police

බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල පහළ කොටසේදී පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (16) බලවත්ලාව රෝහලට ඇතුළත් කරන ලද කාන්තාවක් මිය ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.

මරණකාරිය වයස අවුරුදු 29ක් වූ කොටියාගල පහළ කොටස, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පොලිසිය පවසන්නේ මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණකාරිය මන්ද මානසික තත්ත්වයකින් පෙළෙන කාන්තාවක් බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *