බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයෙන් සය මසක සිර දඬුවම් නියම කරන ලද ප්‍රකට ව්‍යාපාරික අර්ජුන ඇලෝසියස් මේ වන විට වැලිකඩ සිරගෙදර මැහුම් පාටියට දමා ඇති බව වාර්තා වෙනවා.
සිර ඇඳුම වන ජම්පරය ඔහු වෙත ලබා දී ඇති අතර පිටතින් කිසිවක් ආහාර පිණිස ලබා නොදෙන බැවින් සාමාන්‍ය සිරකරුවන් මෙන් ඔහු ද ලබාගන්නේ කල්දේරම් බත බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර නීතිය අනුව ඔහුට පවුලේ ඥාතීන්ද හමුවිය හැකි වන්නේ මසකට එක් දිනක පමණක් බවයි සඳහන් වන්නේ.