Thu. Jun 26th, 2025

අශේන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

Oct16,2024 #2024 #election 2024 #news

ප්‍රකට යූටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නඩුවක් ගොනු කළ බවට වාර්තා වෙනවා. තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයට එරෙහිව ඔහු උපරිමාධිකණයේ පිහිට පැතීමට තීරණය කර ඇති බවයි දැනගැනීමට ඇත්තේ.

මෙවර මහමැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් මගින් ඉදිරිපත් වෙන බව සේනාරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත් නීතියට පටහැණි අයුරින් වෙනත් අයෙකු විසින් එම කණ්ඩායමේ නාමයෝජනා ඉදිරිපත් කරන ලද පවසමින් කොමිසම විසින් ඔහුගේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ අතර, ඔහු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ඉදිරිපත් කරමින් එයට විරෝධය පළ කරනු ලැබුවා.

මෙම නඩුව ලබන සතියේ විභාගයට ගැනෙනු ඇතැයි අධිකරණ ආරංචිමාර්ග කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *