Sun. Jun 22nd, 2025

කෝටි දෙකක මත්පැන් බහාලුමක් රේගු භාරයට

Oct16,2024 #custom #liquor #sl economy

නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි. පර්යන්තයේ අතහැර දමා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

අඩි විස්සක එම බහාලුම තුළ විස්කි සහ වොඩ්කා මත්පැන් බෝතල් ගබඩාකර තිබූ බවත් සුරාබදු බලපත්‍ර ගැනීමකින් තොරව කොළඹ වරායේ තීරු බදු රහිත සාප්පුවක් නමින් මෙම භාණ්ඩ තොගය ආනයනය කර තිබු බවයි පැවසෙන්නේ.

මෙම මත්පැන් බෝතල් තොගය වරායෙන් පැන්නුවේ නම් රජයට රුපියල් කෝටි හතරකට අධික බදු ආදායමක් අහිමිවන බවත් භාණ්ඩ නීති විරෝධී භාණ්ඩ ආනයනය කර වරායේ අතහැර දමා වරාය වෙන්දේසිය හරහා නිෂ්කාශනය කර ගැනීමට ඇතැම් සංවිධානාත්මක කල්ලි කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළා.

රේගු අධ්‍යක්ෂ ජයලාල් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ උදය ගාමිණී මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ රසික සමන්ජිත්, රේගු අධිකාරීවරු වන ජානක පතිරණ, අමිල දසනායක සහ චාමර හීනටිගල යන මහත්වරු ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *