Sat. Jun 28th, 2025

දමිතා හේෂාට දෙහි කපයි : මහලේකම්ගෙත් පලු අරියි

තමා වැඩිම මනාප සංඛ්‍යාවක් ගනු ඇතැයි යන බියෙන් හේෂා විතානගේ හිටපු මන්ත්‍රීවරයා සිය නම රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා කපාහරින ලද බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසනවා.

ජනමාධ්‍යය හමුවේ ප්‍රකාශයක් කරමින් දමිතා අබේරත්න කියාසිටියේ සමගි ජන බලවේගය තමාව කඩේ යැවූ බවයි.

සජබ මහලේකම්වරයා පවා ජනමාධ්‍යය ඔස්සේ ප්‍රසිද්ධියේ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව ද දමිතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියාය.

සජබ නායකයන්ගේ ප්‍රකාශ හේතුවෙන් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හෑල්ලුවට ලක්වන බව ද ඇය පෙන්වා දුන්නා.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවදයක් නොමැතිකම හේතුවෙන් සන්ධානගතව සිටින සෙසු කණ්ඩායම් පවා මේ වන විට ඉවත්ව යමින් සිටින බවයි ඇය ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *