පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු දෙකක් මිලදී ගැනීමේ වැඩසටහන යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මිලදී ගත් රිපීටර් තුවක්කු යළි අමාත්‍යාංශයට භාර දී තිබෙන බව වාර්තා වෙනවා.
මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික මුදලින් රිපීටර් ෂොට් ගන් දෙක බැගින් මිලදී ගැනීමටත් ඔවුන් නිලයෙන් ඉවත් වූ පසුවත් ඒවා රඳවා තබා ගැනීමටත් අවසර ලබාදෙන බව අමාත්‍යාංශය මේ වසරේ අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට දන්වා තිබුණා.
ධුර කාලය අවසන් වූ පසුවත් රිපීටර් තුවක්කු ළඟ තබාගැනීමට හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දුන්නේ ද යන්න පිළිබඳව ‘ඩේලි මෝර්නිං’ පුවත්පත ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් නලින් හේරත්ගෙන් විමසා තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළා.
“සියලු ආයුධ නැවත අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. ඒවා නොමිලේ නිකුත් කළත්, මන්ත්‍රීවරුන් විසින් මිල දී ගත්තත්, ආයුධ ආපසු ලබා දිය යුතුයි.”
මන්ත්‍රීවරුන් ළඟ තබාගත යුතු රිපීටර් තුවක්කු සඳහා ඔවුන්ගේ දිස්ත්‍රික්කවල වාර්ෂිකව බලපත්‍ර ලබාදිය යුතුයි.
කෙසේවෙතත් තුවක්කු වෙනත් පාර්ශවයකට මාරුකිරීම සහ ඒවා පාර්ලිමේන්තුවට හා වෙනත් ජනාකීර්ණ ස්ථානවලට රැගෙන යෑම ඔවුන්ට තහනම් කර තිබුණා.
වැඩසටහන දියත් වූ විගස හිටපු මන්ත්‍රීවරුන් බොහෝදෙනෙක් රිපීටර් තුවක්කු මිලදී ගෙන ඇති බව ද එකල වාර්තා වුණා.