අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බව කියන තවත් විදේශිකයන් 10 දෙනකු හලාවත ප්‍රදේශයේ හෝටලයකදී පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත – ඉරණවිල පාරේ පිහිටි හෝටලයක විදේශීය ජාතිකයන් පිරිසක් නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරක් මත පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මැලේසියානු ජාතිකයින් සිව්දෙනකු, කාන්තාවක් ඇතුළු ඉතියෝපියානු ජාතිකයන් සිව්දෙනකු, කෙන්යානු කාන්තාවක සහ චීන ජාතිකයකු ද වෙනවා.
වැටළීමේදී සැකකරුවන් සතුව තිබී පරිගණක 20ක්, ජංගම දුරකථන 282ක් සහ රවුටර් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.