Sat. Jun 28th, 2025

වාහන හුටපටයකට තංගල්ලේ හිටපු උප සභාපති ඇතුළට

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී පසුගියදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබුණා.

මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවත් කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට හිටපු උප සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

තව ද මෙම ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කර සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *