ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව දුරටත් පලුදු කරමින් ඊයේ (14) දෙපාර්ශවය ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසකට ඉන්දියාවෙන් පිටවිමට නියෝග කර තිබෙනවා.
ඒ 2023 වසරේ ජූනි මාසයේදී සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නමැති පුද්ගලයෙකු කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය මුල් කරගනිමින්.
පෙරේදා (13) කැනේඩියානු බලධාරීන් පිරිසක් සඳහන් කර තිබුණේ කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා අදාල ඝාතනයේ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.
ඉන්දියාව මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සන්ජේ කුමාර් වර්මා ඉන්දියාව සතු ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු බවත් වසර 36ක සේවා කාලයක් සතු ඔහු ජපානයේ සහ සුඩානයේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් කළා.
ඉන්දියාව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඉන්දියාවේ සිටින කැනඩාවේ වැඩ බලන මහ කොමසාරිස් ස්ටුවර්ට් වීලර් කැඳවුයේ ඉන් අනතුරුවයි.
පසුව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ සිටින කැනඩාවේ වැඩ බලන මහ කොමසාරිස් ස්ටුවර්ට් වීලර් ඇතුළු ඉහළම පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 6 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් 19 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රියට පෙර ඉන්දියාවෙන් පිටවී යා යුතු බවට ඉන්දීය රජය නිවේදනය කර තිබෙන බවයි.
ඊට අමතරව කැනඩාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා යලි ඉන්දියාවට කැඳවන බව ද ඉන්දීය රජය සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් අදාල නිවේදනයට පටහැනි ප්රකාශකයක් සිදුකරමින් කැනේඩියානු රජය සදහන් කර තිබෙන්නේ ඔවුන් ඉන්දීය මහ කොමසාරිස් සන්ජේ කුමාර් වර්මා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 6 දෙනෙකු නෙරපා හැර බවයි.
මෙම රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයට තුඩු දුන් ඝාතනයට ලක්වූ හර්දීප් සින්ග් නිජ්ජර් 1997 වසරේදී ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණි පුද්ගලයෙක්.
පසුව ඔහුට කැනේඩියානු පුරවැසිභාවය හිමිව තිබෙනවා.
හර්දීප් සින්ග් නිජ්ජර් සික්හ් ආගම් අන්තවාදීන් ගොඩනගාගෙන ඇති කාලිස්ථාන ව්‍යාපාරයට සම්බන්ධය යැයි පවසමින් 2020 වසරේදී ඉන්දීය රජය ඔහු ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළා.
2023 වසරේ ජූනි මාසයේදී ඔහු ඝාතනයට ලක්වීමෙන් පසු කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්රඩෝ අදාල ඝාතනයට ඉන්දීය රජයේ සම්බන්ධයක් තිබිය හැකි බව පවසමින් එරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.
මේ හේතුවෙන් පසුගිය වසරේදී ද දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයක් මතුවුණා.