හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ ඇති බවත් තමන් ඔහුට හොඳ විශ්‍රාම දිවියකට සුබ පතන බවත් සර්වජන බලය නායක ව්‍යවසායක දිලිත් ජයවීර පවසනවා.
ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියෙකු විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
“දැන් ඔබතුමා විපක්ෂ නායක වෙන්නද හදන්නේ? එතකොට සජිත්ට මොකද වෙන්නේ?” යනුවෙන් ජනමාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට දිලිත් මෙසේ පිළිතුරු දුන්නා.
“එතුමා දැන් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගතයුතු කාලය එළැඹ තිබෙනවා මම හිතන්නේ. ඒක ඔහුගේ පක්ෂය ඇතුළෙත් විශ්වාසකරන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඉතින් එතුමාට සුබ පතනවා ඒ විශ්‍රාම දිවිය හොඳින් ගතකරන්න පුළුවන් වේවා කියලා. එතකොට මේ රටට ප්රබුද්ධ විපක්ෂයක් අවශ්‍යයයි කියලා ජනතාව විශ්වාසකරන බව අපේ හැගීම. ඒ ප්රබුද්ධ හා අභීත විපක්ෂය අපේ සර්වජන බලය කේන්ද්‍රීය එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීම අපේ අරමුණ.”
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා කිහිපයක හිටපු සභාපතිවරුන්, උපසභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් ඉදිරි මහ මැතිවරණයේදී සර්වජන බලයට සහාය ලබාදීමට මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.