Sat. Jun 28th, 2025

සීලරතන හිමි ඇතුළු 03කට නඩු

ජනාධිපති අපේක්ෂකයන් තිදෙනෙකු සිය ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

අදාළ අපේක්ෂකයන් වන්නේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ පාක්‍යසෙල්වම් ආරියනේදිරන් යන අයයි.

මෙම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

පනතට අනුව එවැනි වරදක් සඳහා දඬුවම ලෙස රුපියල් 100,000ක දඩයක් නියම කරනවා.

ජනාධිපති අපේක්ෂකයන් සඳහා ප්‍රචාරක මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයන් ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21ක් ඇතුළත තම ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *