මූල්‍ය වංචාවල නිරතව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සහ අනෙකුත් විදේශිකයන් සම්බන්ධ නඩු විසඳීම සඳහා අවශ්‍ය පරිදි චීනයේ සහ අන්තර්ජාතික අපරාධ පොලිස් සංවිධානයේ (INTERPOL) සහාය ලබාගැනීමට සැලසුම් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
යුක්රේන ජාතිකයන්, ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයන් ගණනාවක් පසුගිය සති කිහිපය තුළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය හා අන්තර්ජාතික මාර්ගගත වංචාවලට සම්බන්ධ බවට වන සැකය මතයි.
ඔවුන් බොහෝ දෙනෙක් සංචාරක වීසා මත රැඳී සිටි අයයි.
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාල වේදිකා හරහා විවිධ වංචා සිදු කළ බවට සැක කෙරෙන විදේශිකයන් සිය ගණනක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කිහිපය තුළ අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන විට අන්තර්ජාතික වශයෙන් සහයෝගය ලබාගන්නා බවයි.
පසුගිය දින කිහිපය තුළ මුල්‍ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයන් 200කට ආසන්න පිරිසක් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කළා.
ඔක්තෝබර් 6 වැනිදා හංවැල්ලේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 30ක්, ඔක්තෝබර් 7 වැනිදා නාවලදී අත්අඩංගුවට ගත්19ක්, ඔක්තෝබර් 10 වැනිදා පානදුරේදී අත්අඩංගුවට ගත් 20ක්, ඔක්තෝබර් 11 වැනිදා කුණ්ඩසාලේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 120ක් ඒ අතර වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ඩෙස්ක්ටොප් පරිගණක සහ තවත් උපකරණ රැසක් ද පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
මූල්‍ය වංචාවලට සම්බන්ධ සැකකරුවන්ට සාමාන්‍යයෙන් 2007 අංක 7 දරන පරිගණක අපරාධ පනත, 2006 අංක 31 දරන සංක්‍රමණ සහ විගමන (සංශෝධන) පනත සහ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ බහුවිධ නීතිමය ප්‍රතිපාදන යටතේ චෝදනා එල්ල වනු ඇති.