බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර මුදලට අලෙවි කළ ඡායාරූප ශාලාවක් වටලා එහි හිමිකරු සහයක තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.
එම සැකකරුවන් සමඟ ව්‍යාජ ලේඛන සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 02ක්, ප්‍රින්ටරයක්, ස්කෑන් යන්ත්‍රයක්, අන් සතු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් පත්‍ර 02ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් හට ප්‍රමුඛතාවය මත සේවය ලබාදීම සඳහා බස්නාහිර පළාත් දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ අනුව පැමිණෙන ජනතාව හට ප්‍රමුඛතාවය මත සේවය ලබා ගැනීමට ඉදිරිපත් කරන ලිපි ලේඛන සඳහා බස්නාහිර පළාත දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රාව තබා දිනය හා ප්‍රමුඛතා අංකයක් ලබාදීම සිදුකරන බවයි.