හිටපු පා.ම. අතුරලියේ රතන හිමි විදෙස්ගත වී තිබෙනවා. වසර 20ක පමණ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ හිමියෝ මෙවර කිසිදු දේශපාලන පක්ෂයකින් නාමයෝජනා බාර දී නැහැ.
රතන හිමි විවිධ දේශපාලන කටයුතුවලදී කටයුතු කළ ආකාරය නිසා ආන්දෝලනයට ලක් වූ හිමිනමක්. පසුගිය පාර්ලිමේන්තුවේ එහිමිගේ මන්ත්‍රී අසුන සම්බන්ධවද ආරවුල් පැන නැගුණා.
කිසිදු දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ නොවී සමාජ මෙහෙවරක නිරතවීම කාලෝචිත බව රතන හිමි ප්‍රකාශ කර තිබෙනවා.