මෙවර ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් සිය වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය අදින් අවසන් වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3.00න් එම කාලය අවසන් වන බවයි.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත වියදම් වාර්තා ලබා දිය යුතු වනවා.
කෙසේ වෙතත් අවසන් වු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපේක්ෂකයින් 38 දෙනාගෙන් මේ දක්වාත් වියදම් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව එම වාර්තා ලබාදුන් පිරිස අතරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනක රත්නායක ඇතුලු අපේක්ෂකයින් 20 දෙනෙකු ඇතුළත්.
එම වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුත්තේ, පිළිගත් දේශපාලන පක්ෂය , වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38 ක්.
ඒ අනුව ඉදිරිපත් වු සෙසු අපේක්ෂකයින් අද දිනයේ සිය වියදම් වාර්තා ලබා දෙනු ඇති බවට විශ්වාසය කරන බව මැතිවරණ කොමිසම අවධරණය කර සිටිනවා.
එසේම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ වියදම් නියාමන පනතට අනුව සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වනු ඇති.
රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබනවා.