Sat. Jun 28th, 2025

වාහන ආනයනය ගැන අලුත්ම තත්වය!

Oct13,2024 #2024 #news #slpolitics

ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිර නොවන පරිදි රථ වාහන ආනයනය සඳහා අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහබැංකුව විසින් මුදල් අමාත්‍යංශයට ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

2022 දරුණු ආර්ථික අර්බුදයේදී භාණ්ඩ 2000ක් පමණ ආනයනය සඳහා සීමා පැනවුණු අතර ඒවා එකින් එක ලිහිල් කෙරුණා. කෙසේ වෙතත් මේ වන විට ඉතිරිව ඇත්තේ රථවාහන ආනයන සීමා ලිහිල් කිරීමයි.

එම සීමාවන් 2025 වසරේ පෙබරවාරි වන විට සම්පූර්ණයෙන් ලිහිල් කිරීමට පසුගිය රජය අදහස් කර තිබුණද නව රජය ඒ ගැන කිසිවක් නිල වශයෙන් මේ දක්වා ප්‍රකාශ කර නැහැ. මහබැංකු ආරංචිමාර්ග සඳහන් කරන්නේ තම පාර්ශ්වයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දී ඇති බවත් තීරණය ලබා දිය යුත්තේ මුදල් අමාත්‍යංශය බවත්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *