Sat. Jun 28th, 2025

මාස නවයට සමරු මුද්දර 78000ක්

Oct12,2024 #post #post department #stamps

2024 මාස 09 කාලය තුළ පුද්ගල කාරක සිහිවටන මුද්දර 78,100 ක් නිකුත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තැපැල් දෙපාර්තමේන්තුව කියා සිට්යේ ඕනෑම අයෙකුට සිය උපන්දිනය, විවාහ සංවත්සරය ඇතුළු විවිධ සැමරුම්වලට අදාළව පුද්ගල කාරක මුද්දර තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයෙන් මුද්‍රණය කර ගැනීමට හැකියාව පවනින බවයි.

පසුගිය ජනවාරි මස 01 වැනි දා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා වූ කාලය තුළදී මුද්දර පත්‍ර (stamp Sheet) 3,905ක් නිකුත් කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්න්නේ මෙම එක පත්‍රයක අඩංගු මුද්දර සංඛ්‍යාව 20 ක් වන අතර එක් අයෙකුට මෙවැනි මුද්දර පත්‍ර 05 ක් මුද්‍රණය කරගත හැකි බවයි.

මුද්දර පත්‍රයක් සඳහා අය කරන මුදල රුපියල් 2,000 ක් වන අතර එහි එක මුද්දරයක සටන් කර තිබෙන වටිනාකම රුපියල් 25 ක් වනවා.

සාමාන්‍ය තැපෑලෙන් එම පුද්ගල කාරක මුද්දර 02ක් අලවා යැවිය යුතු වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *