පෞද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට නිකුත් කර ඇති සියලුම ආයුධ ආපසු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ දැනුම්දීම මත පසුගිය වසරවල විවිධ විශේෂිත පුද්ගලයන් සඳහා නිකුත් කරන ලද ගිනි අවි 1,690 න් 30 ක් පමණක් වැලිසර නාවික හමුදා කඳවුරට ආපසු ලබා දී තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෙනත් ධනවත් පුද්ගලයන්ට පවතින තර්ජන පිළිබඳ තක්සේරුවකින් තොරව ගිනි අවි විශාල සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කළා.
විවිධ තර්ජනවලට ලක්වන බව පවසමින් මෙම ප්‍රභූවරුන් රට පුරා පිහිටි පොලිස් ස්ථානවලින් පොලිස් වාර්තා ලබාගෙන ඇති බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනමාධ්‍ය වෙත පැවසුවා.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයේ කොටස්කරුවන් වූ ඇතැම් දේශපාලනඥයන් ගිනි අවි 10 බැගින් ලබාගෙන ඇති බවත් මෙම ආයුධ අතරින් සමහර ආයුධ අතුරුදන්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති සියලුම ගිනි අවි පසුගියදා යළි කැඳවනු ලැබුවා.
එම අවි ලබාගත් අය අතර මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක් ද සිටිනවා.