20 -20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු දෙවන පුහුණු තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
ඒ අයර්ලන්තය පරාජය කරමිනි.
තරගයේ කාසියේ වාසිය දිනු අයර්ලන්තය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි ලකුණු 163ක් රැස්කර ගත්තේය.
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 26යි.
ලකුණු 164ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 122ක් පමණයි.
දසුන් ශානක ලකුණු 23ට කඩුලු 4ක් දවා ගත්තේය.
මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තහ.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගය එළැඹෙන සඳුදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතය.