Sat. Jun 28th, 2025

මිනියක් මරපු අරක්කු කාලක්

Jun1,2024

බිබිල නගරයේ පිහිටි රටබීම හලේදී ඉකුත් (30 දා) වෙනිදා මියගොස් සිටියදී හමුවූ එහි කළමනාකරුගේ මරණය සම්බන්ධයෙන් එහි සේවකයකු එදිනම සැකපිට බිබිල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

හාලිඇළ බෝගහමඩිත්ත පදිංචි හේවාකොක්ගලගේ ගයාන් ඉන්දික (37) නමැති දෙදරු පියෙකු මෙලෙස මියගොස් තිබිණි.

එහි සේවකයෙකු වන මඩොල්සිම මහදෝව පදිංචි එස්. පුෂ්පරාජා නැමති අයෙකු මරණය පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබූ අතර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකපිට ඔහු අත්අඩංගුවටගෙන ප්‍රශ්නකිරීමේදී රටබීම වෙළෙඳසැලේ කාලේ අරක්කු බෝතල් හැත්තෑහයක අඩුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකරු විසින් කළමනාකරුගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනයකළ බව අනාවරණයවී ඇත.

සැකකරු ඉකුත් (31 දා) වෙනිදා බිබිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු යොදා තිබිණි. බිබිල මහෙස්ත්‍රාත් මහේශානී අමුණුගම මහත්මිය විසින් මෙම මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ ඉකුත් (31) වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වන ලදී.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *