එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට අකිල විරාජ් කාරියවසම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කර සිටිය ද එම යෝජනාව එහිදී නොසලකා හැරීමට ලක් වුණා.
අනතුරුව ‘අලියා’ ලකුණ යටතේ ඉදිරිපත් වීමට ඔහු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබුණා.
අනතුරුව ඔහු සමගි ජන බලවේගය යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවට රාවයක් පැතිර ගිය අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉකුත් 08 වැනි දින තෙක්ම සජබ කුරුණෑගල දිස්ත්‍රීක් නාමයෝජනා ලේඛනයේ ඔහුට ද ඉඩක් වෙන්කර තිබු බවයි.
කෙසේ වුව ද ‘සිලින්ඩරය’ නියෝජනය කරන දුෂිතයින් සමග එක පෙරමුණක සිට කටයුතු කළ නොහැකි බව පවසන අඛිල විරාජ් කාරියවසම් තමා පක්ෂයට ද්‍රෝහිවිමට ද සුදානම් නොමැති නිසා මෙවර මහ මැතිවරණයේදී නිහඬව සිටීමට තීරණය කළ බව ප්‍රකාශ කළා.