Sat. Jun 28th, 2025

ජොන්ස්ටන්ට රට යන්න තහනම්

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මෙම නියෝගය සිදු කර ඇති බව සඳහන් වනවා.

මේ රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවත් මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කවුද කවදාද භාවිතා කෙරේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන රථයක් පිළිබඳව ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *