Sat. Jun 28th, 2025

දිලිත් ගම්පහින් ඡන්ද සටනට

ව්‍යවසායක දිලිත් ජයවීර මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණා.

ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක ද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.

සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාර දෙනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මහර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඇතුළු සාමාජිකයින් 16 දෙනෙකු ඊයේ (10) සර්වජන බලය සමඟ එක්ව තිබුණා.

එහිදී ඔවුන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුර පිරිනමා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *