Sat. Jun 21st, 2025

පාසල් විද්‍යාගාරයක අනතුරක් : සිසුවියන් 07ක් රෝහලේ

පානදුර ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ සිදුකළ පරීක්ෂණයකදී පිළිස්සුම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් 07 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරෙන් සිසුවියන්ගේ මුහුණු, හිස සහ අත්වල පිළිස්සීම් තුවාල සිදුවී ඇති බව සඳහන්.

මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 හැවිරිදි සිසුවියන් බවයි වාර්තා වෙන්නේ.

කෙසේවෙතත්, ඔවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *