Sat. Jun 28th, 2025

විමල් වීරවංශගේ මහමැතිවරණ තීරණය!

Oct10,2024 #2024 #election 2024 #news

2024 මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දීමේ කාලය හෙට එනම් ඔක්තෝම්බර් 11 වැනි දින දහවල් 12ට අවසන් වනවා.

පසුගිය කාලයේ දේශපාලනයේ ප්‍රබල හඬක් නැගූ ජාතික නිදහස් පෙපරමුණේ නායක විමල් වීරවංශ මේ දක්වා කිසිදු පක්ෂයකින් නාමයෝජනා අත්සන් කර නොතිබීම දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගොස් ජාතික නිදහස් පෙරමුණ නම් පක්ෂයක් පිහිටුවා ගත් දා පටන් ඔහු ප්‍රධාන පක්ෂයක් සමඟ එක්ව තරඟ කර පාර්ලිමේනතුවට පිවිසි අතර මෙවර කිසිදු ප්‍රධාන පක්ෂයක් ඔවුන් එක් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණයේදී විමල් ඇතුළු පිරිස සර්වජන බලය නමින් පෙරමුණක් පිහිටුවා ගනිමින් මව්බිම ජනතා පක්ෂයේ ජනපති අපේක්ෂක දිලිත් ජයවීරට සහය පළ කළ අතර එම පක්ෂය මහමැතිවරණයටද තරඟ වදිනවා. විමල්ගේ සමීප දේශපාලනඥයෙකු වන උදය ගම්මන්පිලද සර්වජන බලය පක්ෂය යටතේ මහමැතිවරණය වෙනුවෙන් ඊයේ දිනයේ නාමයෝජනා අත්සන් තැබුවද විමල් තවමත් එය සිදු කර නෑ.

මේ වන විට නිවේදනයක් නිකුත් කරමින් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ තමන් මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *