Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකන්: සොෆ්ට්ලොජික් පතිරගේගෙන් හේලීස් ගනේගොඩට!

Oct10,2024 #2024 #news #slpolitics

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ පත් කර තිබෙනවා. එසේම ඊට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත් කර ඇති බව එම සමාගම පවසනවා.

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපතිවරයා වූ අශෝක් පතිරගේ ශ්‍රී ලංකන්හි සභාපති ලෙස පත් කරනු ලැබුවේ 2019 වසරේදී එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින්. පසුව ජනපති වූ රනිල් වික්‍රමසිංහද එම පත්වීම වෙනස් කිරීමක් සිදු කළේ නැහැ.

නව ජනපතිවරයාගේ පත් කිරීමක් ලෙස ආ සරත් ගනේගොඩ ප්‍රකට වෘත්තිකයෙක් වන අතර වත්මන් හේලීස් සමාගමේ සමූහ විධායක අධ්‍යක්ෂ වනවා.

කෙසේ වෙතත් පසුගිය සමයේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටස් මිලට ගැනීමට ඉදිරිපත් වූ සමාගම් අතර හේලීස් සමාගමද එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *