අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ශානී අබේසේකරට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව ඔහු සදහන් කරන්නේ යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙන ආන්දෝලනාත්මක දූෂණ සහ ඝාතන පිළිබද විමර්ශන කටයුතු සිදු කිරීමට පත්කරන විශේෂ කමිටුව සඳහා අවශ්‍ය සහය ශානි අබේසේකරගෙන් ලබා ගැනීමට නියමිත බවයි.
එම විශේෂ කමිටුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු විසින් මෙහෙයවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ශානි අබේසේකර මහතා යළි සක්‍රීය පොලිස් සේවයට කොන්ත්‍රාත් පදනම යටතේ බදවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට ද තොරතුරු වාර්තා වනවා.
ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සම්පූර්ණ වගකීම ඔහුට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.